Saturday, July 13, 2013

දහසයවෙනි කොටස : මගෙ ලැප් එක රෝස පාටයි




බස්සගෙ පුරුද්දක් තමයි එදා දවසෙ කරන වැඩ බස්සිට පෙන්නන්න පුළුවන් තත්වෙට ඉවර කලාම ඒකෙ ලින්ක් එකක් අනිවාර්යෙන්ම බස්සිටත් එවන එක. බස්සි ඒවා බලලා එයාගෙ අදහස කියාවි කියලයි බස්සා ඒකෙන් බලාපොරොත්තු වෙන්නෙ. ඒත් ඉතින් ඩිවලොප්මන්ට් ගැන මළපොතේ අකුරක් දන්නෙ නැති බස්සිගෙන් බස්සාට ලැබෙන චාටර් අදහස් වලින් බස්සා කවදාවත් සැලෙන්නෙ නෑ.

බස්සි ගොඩාක් වෙලාවට කියන්නෙ;

"අනේ මේ සයිට් එක රෝස පාටයි, දම් පාටයි කරන්නකො බස්සෝ. එතකොට හරී ලස්සනයි."

"අකුරු ටික කොමික් ෆොන්ට් එකකින් දාමුකො අනේ!"

"ෆොටෝ ටික කැතයි. ලස්සන කාටූන් පින්තූර ටිකක් හොයල දෙන්නද මම?"

මේ වගේ වටිනා අදහස් වලින් සැලෙන්නෙ නැති ඩිවලොපර් කෙනෙක් ඉන්නවනම් අත උස්සමු බලන්ට.



ඔන්න ඔය කාලෙ තමයි බස්සිටත් අළුත් ලැප්ටොප් එකක් ලැබෙන්නෙ.

බස්සා ලැප්ටොප් විශාරද කෙනෙක් විදිහට කැම්පස් එකේ නමක් දිනාගෙන තිවුනු නිසා බස්සිත් මේ සතුටු ආරoචිය මුලින්ම කිවුවෙ බස්සට.

"බස්සෝ.... බස්සෝ... මට අළුත් ලැපක්  හම්බ උනානේ.."

"හොඳයිනෙ. මොකද්ද?"

"මොකද්ද කිවුවෙ? ලැප් එකක්."

"නෑ මැට්ටියෙ. ස්පීඩ් එක කොහොමද?

"දන්නෑ."

"හාඩ් එක?"

"මම කොහොමද දන්නෙ."

"රැම් එක?" බස්සි දන්න දෙයක් මෙයා අහන්නෙම නැති හැටි!

"දන්නෑ."

"හපොයි. එහෙනම් ස්ක්‍රීන් සයිස් එක?"

"කවුද අනේ ඕව දන්නෙ."

බස්සා අන්තිමේදි උත්සාහය අතඇරිය. "ඔයාම කියන්නකො එහෙනම් ලැප් එක ගැන."

"හරී ලස්සනයි අනේ. රෝස පාටයි, සිල්වර් පාටයි."

19 comments:

  1. හා හා හා "මගේ ලැප් එක රෝස පාටයි" කතාවේ සුල මුල මේකයි එහෙනම්!!

    ReplyDelete
  2. මේ කතාවෙන් ගන්න තියන ආදර්ශෙ තමයි ගෑනු ලමයෙක්ගෙන් එයාගෙ ලැප් එකේ විස්තර අහනවනම් ඒකෙ පාට ගැන විතරක් අහන්න. ;)
    (IT කරන ගෑනු දරුවන්ට මේක අදාල නෑ හොඳ්)

    ReplyDelete
    Replies
    1. පෙන් ඩ්‍රයිව් එකෙත් පාට විතරක්ම අහන්න :P

      Delete
    2. සෑහෙන්න හිනා ගිය එකට නම් .............

      Delete
  3. හාහ් හහ් හා යේක යෙත්ත තමා!

    ReplyDelete
  4. Man ekenekta lap ekak ganna udaw kara. Eka rathu pata ekak. Ekata eya godak kamathi una. Habai ekata Ubuntu dapu ekata poddak churu churu gawa mulin. Passe windows walata wada ubuntu fast kiwwa. :-)

    ReplyDelete
    Replies
    1. බස්සිත් ubuntu වලට කැමතියි. හැබැයි ෆාස්ට් හින්දාම නෙමෙයි. ඒකෙ තියන සුකුරුත්තම් වැඩ කෑලි සහ sudoku ගහන්න පුලුවන් නිසා...

      Delete
  5. හම්මච්චියේ .........
    ඒ හරිය ගැනනම් මොනවට කතා කරනවද ???

    ReplyDelete
    Replies
    1. බස්සිගේ අයි.ටී. කෙරුවාව ගැන කතා කරලා පලක් නැත. 0%

      Delete
  6. he he heeee... ai mouse 1 paatath ahanna...!

    ReplyDelete
    Replies
    1. ලැප් එකට මම මවුස් පාවිච්චි කරන්නෙ නැහැ.

      Delete
  7. අඩේ මමත් ඔය විස්තර දන්නේ නැහැනේ අදටත්.දැනටත් මගෙනුත් කවුරු හරි කම්පියුටර් ගැන ඇහුවොත් දෙන්නේ ඔය යශෝ දීපු උත්තර ටිකම තමයි...:D

    ReplyDelete
    Replies
    1. එල. එහෙනම් මං වාගේ කොම්පීතර් දැනුමැත්තෝ තවත් සිටිති.

      Delete
  8. :D අපොඉ මටත් හොද අත්දැකීමක් තියනවා ඔයිට සමාන.. මමත් මගේ ලැප් එක ගන්න ගියේ මගේ කොලුවයි මල්ලිය එක්ක mc එකට ගිහින් එඅ දෙන්නත් මගෙන් ඔය වගේ බූත් ප්‍රශ්න ඇහුව.. මම දුන්න උත්තර්රේ "මම දන්නේ න අනේ.. රතුපාට එකක් තමයි ඕන... :D (බස්සිගේ අදර අන්දරේ එක හුස්මට කියවන ගමන් ඉන්නේ.. :) )

    ReplyDelete
    Replies
    1. ගොඩක් ගෑල්ලමයි මෙහෙම තමයි නේ උදානි. මමත් මේ දවස් වල ආයෙ දම් පාට ලැප් එකක් හොයනව. දැන්නම් බස්සා මගෙ හැටි දන්න නිසා අර බරපතල බූත ප්‍රස්න අහන්නෙ නෑ.

      Delete
  9. අදනේ මේ කතාව කියවන්න ගත්තෙ. එක දිගට දිගට කියොගෙන යනවලු ඔන්න. හරීම සුන්දරයි කතාව. මේ කොටසට නම් කොමෙන්ට් නොකරම බැරි උනා. මොකෝ මං ලැපියෙක් ගනිද්දිත් බැලුවේ ඒක සෝස පාටද, මල් මල් තියෙනවද කියලා විතරයි :D

    ReplyDelete