Wednesday, July 24, 2013

තිස්වෙනි කොටස : සමාදාන විනිසුරුවරු


හැමදාම හවසට ලෙක්චර්ස් ඉවර වුනාට පස්සෙ බේස් කැන්ටිමට ගිහින් බස්සත් එක්ක කාටූන් බලන එක බස්සිගෙ පුරුද්දක් බවට පත් වුනා. හරියටම හතර වෙනකොට බස්සි මොන වැඩ තිවුනත් බේස් එකට එන්නෙ ගිරිපුර ඇත්තෝ  බලන්න. ඉතින් හතරෙන් පස්සෙ තියන ලෙක්චර්ස් වලට සොරි තමයි.


හවසට බේස් කැන්ටිමේ හදන උණු උණු ආප්ප කාලා, ප්ලේන්ටි බීලා කාටුන් ටිකත් බලලා ඉවරවෙලා බස්සයි බස්සියි බෝඩිමට යන්න පිටත් වුනා.

යනකොට DH එක හරියෙදි ඇහුන සද්දයක් නිසා බස්සයි බස්සියි එක පාරටම නැවතුනා. කවුරුහරි දෙන්නෙක් හොඳටම බැන ගන්නව.

"කවුද?" බස්සි බස්සගෙන් ඇහුවා.

"කපල් එකක් වගේ....." බස්සා කිවුවෙ කල්පනාවෙන්.

ඇත්ත තමයි. බස්සිත් ටිකක් වෙලා කන්දීගෙන හිටියා. කෙල්ලෙකුයි කොල්ලෙකුයි හොඳටම බැන ගන්නව, පලාතටම ඇහෙන්න. මේ සද්දෙ ඇහිලා බේස් කැන්ටිමෙන් එලියට යන තවත් කුරුලු යාලුවො කීපදෙනෙක්ම බස්සිලා හිටපු තැන නතර වුනේ ඒ සද්දෙ ඇහුනම කාට වුනත් ඇතිවෙන කුතුහලය නිසාමයි.

"කවුද මචං?" තවත් කුරුලු යාලුවෙක් බස්සගෙ පිටට තට්ටුවක් දාලා ඇහුවෙ මේකෙ අගක් මුලක් තේරුනේ නැති නිසයි.

"ම්හු....." බස්සා ඔලුව වැනුවෙ එයාටත් මේ ගැන කිසිම අදහසක් නැති නිසා.

"උඹ දන්නෙ නෑ ගෑණියෙ තවම මගෙ හැටි. උඹට අද මම....." කොල්ලා තරහින් කෑ ගහනව ඇහුන.

"අතෑරපං පාහරයා.... කිවුවම අහල අතෑරපං මාව....." කෙල්ල ඒත් එක්කම යටිගිරියෙන් කෑ ගානව ඇහුනම බස්සිගෙ අත් දෙකත් සීතල වුනා.

"ගිහින් බලමු බං... නැත්තම් එකෙක් මැරිල තමයි නවතින්නෙ." කුරුලු අයියෙක් එහෙම කියාපු පාර බස්සියි බස්සයි අනිත් කුරුල්ලො සෙට් එකයි DH එක ඉස්සරහට කඩා බිඳගෙන ගියා.


කෙල්ලයි කොල්ලයි DH එක අයිනෙ පුටු දෙකක ඉඳගෙන මූණට මූණ බලාගෙන කෑ ගහ ගන්නව. තව එකෙක් පුටුවක ඉඳගෙන පිටපත බලාගෙන අමතකවෙන දෙබස් මතක් කරනව. ටිකක් ඈතට වෙලා ප්‍රියංකර සර් අත් දෙකත් බැඳගෙන දෙන්නගෙ රිහසල් එක නිරීක්ෂනය කරනව.


ප.ලි.

DH එක කියන්නෙ ධර්මාලෝක උපාධි ප්‍රදානෝත්සව ශාලාවට. සයන්ස් ෆැකල්ටි එක ඇතුලෙ තියන හෝල් එකක් වුනාට මේකෙ තමයි ආර්ට් එකේ ඩ්‍රාමා කරන කුරුල්ලො ටික වැඩ කරන්නෙ.


4 comments:

  1. අ‍යියෝ මමත් හිතුවා ඇත්තටම ගහගන්නව කියලා!!!

    ReplyDelete
    Replies
    1. එයාලගෙ රිහසල් වලට නොරැවටුන කෙනෙක් සයන්ස් ෆැකල්ටි එකේ නැති තරමයි. ඒ තරම් තාත්වික විදියට ඇක්ට් කරනවා. අහිංසක අපි නිකම් රැවටෙනවා.

      Delete
    2. තැන්ක් යූ හසිත!

      Delete