Monday, July 8, 2013

10. හත්වෙනි කොටස : බෝ පැලේ



අපේ බස්සගෙ මහම මහ නරක පුරුද්දක් තියනවා. කිවුවට වැඩක් නැති එකේ ලිවුවටනම් කොහෙත්ම වැඩක් වෙන්නෙ නෑ.

බස්ස SMS ටයිප් කරන්න මහම මහ කම්මැලියෙක් නෙව.

බස්සි පැයක් විතර මහන්සි වෙලා, හැඩ දාල, වැඩ දාල යවන පිටු ගානක් දිග කවි, නිසඳැස් හැම එකටම බස්ස එවන සුපුරුදු රිප්ලයි එක තමයි……..

:*

කවිය හොඳටම හිතට වැදිල නම් එහෙම;
:* :* :* :* :* :*

ඒ දැන්නෙ. එතකොට බස්සි බස්සියෙක් වෙන්න ඉස්සර? ඒ කාලෙ මේ රිප්ලයි එක මීට වඩා චූට්ටක් වෙනස්.

:-)

මැසේජ් එක හොඳටම හිතට වැදිලනම් එහෙම;
:-D
 

ඉබ්බෙක්ගෙන් පිහාටු ඉල්ලගන්න මීට වැඩියෙ ලොකු සම්භාවිතාවක් තියෙන්න පුළුවනි.

************************************************************************* 

බස්ස කව්ළුවෙන් එහාපැත්තෙ ඉඳගෙන බරටම වැඩ. බස්සි කව්ළුවෙන් මෙහාපැත්තෙ ඉඳගෙන බලන් ඉන්නවා.

“පාලුද?”  බස්සා අහනව.

“නෑ” ඒත් ඇත්තටම මල පාලුවෙන් තමයි ඉන්නෙ.

“හ්ම්ම්ම්”

“හරිම නරකයි…”

“මම?”

“හ්ම්ම්ම්”

“ඔව් ඉතින් ඔයානෙ මේ හොඳට හිටපු මාව නරක් කලේ. අනේ බෝ පැලයක් වගේ යසට හිටපු මම.”

අනේ මගේ හොට මොකටද කියලා හිතෙනවනෙ මේ වෙලාවට. තරහවෙන්නත් බැරි එකේ පොඩි විහිළුවක්වත් කරමු.
“ආ…. එතකොට ඔයා බෝ පැලේ? කවුද දන්නෑ උදේ හවහ වතුර දාන්නෙ එහෙම.”

“හ්ම්ම්ම්ම්”

“අනේ පව් අප්පා. මට හරීම දුකයි මේ අසරණ බෝ පැලේ ගැන. මම හින්දලුනෙ නරක් උනේ.”

“හ්ම්ම්ම්ම්”

“තවත් නරක් නොකර මම ඉන්නම්කො පැත්තකට වෙලා”

බස්සා සද්දයක්වත් නෑ.

“ඒයි කෝ මෙයා!” කොහේ ගිහින්ද මන්ද. :(
“බෝ පැලේ…..!”

බෝ පැලේ…….!!!


“ඇයි?”
ඇති යාන්තම් බස්සා ආපහු අවිත්.

“කොහෙද ගියෙ බෝ පැලේ? මම හැමතැනම හෙව්වා!”

බස්සා තවමත් ඉන්නෙ ඔරවගෙනද? නැත්තම් ඒ මට පේන හැටිද? කොහොමත් බස්සට තරහ ගියාම සුදු මූණ සුදුමැලි වෙනව. ගොඩාක්ම අවුල් ගියාම තමයි බස්සගෙ නහයත් එක්ක රෝස පාට වෙන්න පටන් ගන්නෙ.

“මේක හරි වැඩක්නෙ. මම වචනයක් කිවුවත් ඇති ඒකෙම එල්ලිලා යනවා. ඔයාට හැමදේම විහිලු. ඔයාට මාවත් විහිලුවක්නෙ. කමක් නෑ. මම මොනව කලත් ඔයාට ගානක්වත් නැහැනෙ.”

ඒ ගමන මුහුද හොඳටම රළු වෙලා. සුනාමියක් එන්න කලියෙන් මo කව්ළුවෙන් ඈත් වුනා. තව ටික වෙලාවක් මුහුදෙ පෙරලිය බලාගෙන හිටියානම් අහසට දුක හිතිලා මහ වැස්සක් වුනත් කඩා වැටෙන්න ඉඩ තිබුනා.”

බස්සිට දුකයි. හොඳටම හිත බරවුනා. මට හිටපු හොඳම යාළුවා. දෙයියනේ මම එයාව මේ දැන් නැති කරගත්තා නේද?  එයා ආපහු කවදාවත්ම මාත් එක්ක කතා කරන එකක් නැති වෙයිද. කොට්ටෙ බදාගෙන කල්පනා කරද්දි එහෙමම නින්ද ගිහින්.

ඇහැරෙනකොට රෑ 12.00 ත් පහුවෙලා. ෆෝන් එක ගත්තෙ වෙලාව බලන්න.”

One Message Received - BASSA

‘මම එහෙම දෙයක් කිවුවෙ හිතල නෙමෙයි. හිත අවුල් ගියාම එහෙම කියවුනා. ඔයා නිදිද බබා. ඔයා ඒකට ඔහොම අවුල් යයි කියල මම හිතුවෙ නෑ. මම නිසා කෙනෙක් දුක් වෙන එක තමයි මට මේ ලෝකෙ දරාගන්න අමාරුම දේ. ඔයාට බෑ නේද මගෙත් එක්ක තරහ වෙන්න? ඔයාට පුළුවන්නම් මේ මෝඩයට සමාව දෙන්න, මට කතා කරනවද? ඔයා එනකම් මම කවුළුව ලඟට වෙලා බලාගෙන ඉන්නව හොඳද?’

(මේකනම් ටිකක් විතර edit කලා හොඳද? ඔරිමජිනල් මැසේජ් එක හැමෝටම පෙන්නන්න ලෝබයිනෙ.)

බස්සි කෝල් එක අරන් ඉවරවෙලා මුලින්ම කලේ  මැසේජ් එක කොපි කරල මැසේජ් බොක්ස් එකට පේස්ට් කරපු එක. අකුරු ගාන බලාගන්න.

පිටු තුනයි. බස්සාගෙන් ලෝක වාර්තාවක්!! එදා තමයි බස්සා මට මෙතුවක් කාලෙකට එවපු දිගම SMS එක එව්වෙ.

 

7 comments:

  1. sms කොට උනාට කවුළුවෙන් එවන මැසේජ් දිගට දිගේ එවනවනේ.

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට මොබයිල් කී බෝඩ් එකත් හොඳට පුරුදු වුනානම් හරිනෙ බස්සෝ...

      Delete
  2. Mmmmm, Bassai, bassi..... nice one... :)

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් කවී අයියේ!!

      Delete