Monday, June 16, 2014

හුදෙකලා මියැසිය (part one)



ඇනෙක්සිය අඳුරුයි. පුංචි හතරැස් කවුලුවෙන් පේන්නෙ වැහිබර අහස. යාන්තමට නැහැතුඩ අග දැවටෙන පුස් ගඳ හිතට ගෙනාවෙ අපුලක්.


මං වෙලාව බැලුවා.

හයයි හතළිස් පහයි.

කන් පෙති මත තැවරෙන වැහි පොදවල සිරිසිරියත්, වැස්සත් එක්ක තුරුල් වෙච්ච හීතලත් හොඳහැටි ගුලි ගැහිලා නිදාගන්න කියාපු උත්තේජක. ඒත් කෝ තුරුල් වෙන්න උණුහුමක්. පොරෝණය ඇතුලට කාන්දු වෙන හීතල මාව අවදි කෙරෙවුවා.





උදෑසන දේශන නැතත් මම ලහිලහියේ සූදානම් උනේ විශ්වවිද්‍යාලයට යන්න.

සීතල වතුර දෝතක් මූණට වදිනකොට ඇස් පියන් පවා වෙවුලනවා. හුස්මත් එක්ක තුනී සුදු පාට දුමාරයක් පිටවෙලා ඉහල ඇදෙනව.


පරණ ඩෙනිම, ලා දම් පාට බැගී ටී ෂර්ට් එක, කැරලි කොණ්ඩය එක්කහු කරන රෝස පාට බෑන්ඩ් එක.......



මස්කාරා.....? 
එපා.

එයා බලනව ඇස් දිහා.

එහෙනම් චුට්ටක් ගාමු.

අයි ලයිනර්?

යාන්තමට.





දුඹුරු හම් බෑගයට ඔබාගත්ත සටහන්, නිල් සපත්තු ලේස්. අළු පාට ජර්සිය, හිස්වැසුම......


කලු ගල් ඇතිරූ මාවත වැස්සෙන් හේදිලා.  පාර දෙපැත්තේ මාරගස් වල කහපාට මල් වැස්සෙන් හේදුන පාර තැන තැන එක්කාසු වෙලා.


මගෙ ඇස් කලබලයි. 


බෝඩිමෙන් පිටවෙද්දි  ඇදහැලුන කරදරකාර වැස්ස සිහින් හිරිපොදයකට හැරවිලා. කුඩේ අකුලාපු මම වැහි පිණිතිවලින් හිතත් හිසත් ඔහේ තෙමෙන්න ඉඩ දුන්නා.


පුස් ගඳ පහවෙලා ගිහින්, තෙමුන තණබිස්සෙන් හමන්නෙ නැවුම් පුසුඹක්.


යකෙක් කන්න බඩගිනියි.

අකීකරු ඇස් දෙකට තරවටුවක් කරලා මම ආපන ශාලාවට රිංගුවා. දුම් දාන බිත්තර රොටී දෙකයි, කෝපි කෝප්පයයි අරගෙන වාඩි උනේ පිට්ටනියට මුහුණලා තියෙන විශාල කවුලුව පාමුලින්.


කෝපි සූවඳින් පෙණහලු උණුසුම් වෙලා ප්‍රබෝධමත් වේගෙන එනකොට මගේ ඇස් දෙක නිරායාසයෙන්ම අකීකරු කම් නවත්තලා පිට්ටනියේ ඈත කෙලවරකට කේන්ද්‍රගත උනා.






තනියෙන්ම අහස අල්ලන්න ගිය උස විලෝ ගහ යට උද්‍යාන බංකුවේ ඔහු වාඩිවෙලා උන්නා.


අර බොකුටු කොණ්ඩය. මුහුණ පුරා අපිළිවෙලට වැවුනු රැවුල.


උරහිස් දෙකෙන් ලිහිල්ව එල්ලා වැටෙන අලු පාට ජර්සිය. දණහිස උඩ රඳවා ගත් හිස්වැසුම. පොත් පත් කිසිවක් නැතත් පිටේ එල්ලෙන ගිටාරය.


මගේ උගුරු ඇටය තුලින් ඉපැදුනු නුහුරු විදුලි ඉරි දෙකක් දෙකොපුල් හරහා ඇදී ගිහින් කන්පෙති මතදී අතුරුදහන් උනා.


වෙනදා වගේම මලානික එලියක් විහිදුවන දුම්වැටිය අදත් ඔහුගෙ අතේ තිවුනා.


ඉක්මන් කෝපි උගුරු දෙක තුන උගුරෙන් පහලට ඇදෙනකොට දුම් දන අන්නසෝත්‍රය  ඇස් අග්ගිස්සෙන් කඳුලු බිංදුවක් වෙලා  එලියට  කාන්දු වෙනවා.


සටහන් පිරුනු බෑගය ඇදගෙන මම ලහි ලහියේ ආපන ශාලාවෙන් පිට උනා.

හිත හදිස්සියි. ඕනෑවට එපාවට යන ගමන් තාලයට දෙපා සංවර කරගත්තෙ බොහොම අමාරුවෙන්.






පිට්ටනිය කෙළවරේ චලනාභ්‍යාස වල යෙදෙන ක්‍රීඩිකාවන් පිරිසක්.

ලස්සන කෙල්ලො.
හීනි, සුදු, උස, හැඩ කෙල්ලො.
මගෙ හිතට කාන්දු වෙන්නෙ ඉරිසියාවක්.

නෑ. එයා බලන්නෙවත් නෑ….. 
ඉරිසියාව දියකරගෙන සතුටු උණුහුමක් හදවතේ පිරෙන්නට වුනා.



එයා උන්නෙ ඈත බලාගෙන. අරමුණක් නැති හිස් බැල්මෙන්.



“මම මෙතනින් ඉඳගත්තට කමක් නැද්ද?”

“ම්හ් හුම්” ඔහු ගිටාරයේ තත් අරමුණක් නැතිව පෙලන්නට වුනා.

බංකුවේ එහා කෙළවරෙන් ඉඳගත්තු මම කකුල් දෙක පටලවා ගත්ත. විලෝ කඳට පිට දීලා  ඇස් පියා ගත්ත.

ඔව්, මං භාවනාවක. ඒ පිළිවෙලක් නැති නාද රටා සමග ඒකාත්මික වෙන්න උත්සාහයක.

“ලෙක්චර්ස් නැද්ද?”

“ම්හ් හුම්”

“කැම්පස් ආවෙ?”

“පාළුයි….. ඔයාට ලෙක්චර්ස් නැද්ද?”

“තියෙනව.”

“එහෙනම් මෙතන?”

මට උත්තර දෙනවා වෙනුවට ඔහු වැරෙන් ගිටාරයේ තත් හඬවන්නට වුනා.


Welcome to the Hotel California
Such a lovely place
Such a lovely face
Plenty of room at the Hotel California
Any time of year
You can find it here…..


“පට්ටයි!” මට කියැවුනා.

“මොකද්ද?”

“හැමදේම.”



~ මතු සබැඳි ~

ප.ලි.

ඔන්න දිගටම කවි ලියන්න එපෝ කියපු අයත්, බස්සිගේ ආදර අන්දරය වගේ එකක් ආයෙත් ඕනේ කියපු අයත් වෙනුවෙන් පොඩි කතාවක් ලිවුවා. අනිත් පෝස්ට් ලියන අතරතුරේ මේකත් කොටස් වශයෙන් පළ කරන්නම් හොඳේ.




134 comments:

  1. ඔරිජිනල් බස්සි ස්ටයිල් ..... (Y)

    ඔය කොටස් වශයෙන් දානකොට තමයි මට හමගහලා සපත්තු මහන්න හිතෙන්නේ . උඹ දැක්කද මම හැලපෙගේ බ්ලොගේ දාපු Hotel California සිංහල version එක .

    මටත් කියවෙනවා මෙන්න

    " පට්ටයි හැමදේම " ලියපං දිගටම

    ReplyDelete
    Replies
    1. අනාආආ.... මේක දිග කතාවක් නෙමේ ගෙඹි අයියා හෙවත් WP :P

      කොටස් හතරක් තියෙයි උපරිම. දිග කෙටිකතාවක් කියමුකෝ.
      මං බැලුව යූ බටෙන්. ඒක එල නේද?

      තැන්කූ හොඳේ.....!

      මේ මන් පණ්ඩිතකමට තනියම නමක් දැම්ම මෙදාපාර. සාටර් වගේනම් කියන්න හොඳේ.... :D

      Delete
  2. කොල්ලා ආඩම්බරකාරයෙක් වගේ.එහෙමත් නැතිනම් හුදකලාවට ප්‍රිය කරන එකෙක් වගේ.
    බලමුකෝ මොකෝ වෙන්නේ කියලා මීගාව කොටසින්.

    ReplyDelete
    Replies
    1. මේක කොයි අතට හැරෙයිද කියල මම වත් තාම දන්නෑ මනෝ. නිදහසේ මේ කෙල්ලටයි කොල්ලටයි උන්ට ඕනෙ නැටුමක් නටන්න දීල තව කොටස් කීපෙකින් කතාව නවත්තනව. :D

      Delete
    2. ආං හරි. ඔය ඉවානය එහෙම කපල් වලට හරි ඊරිසියයි. ඕක මොකක් හරි කැටයමක් කපන්ඩ ආවොත් කෙලින්ම මට කියන්ඩ. මං දෙන්නං උඩින් යන්ඩ !! ඕ යේස්

      Delete
    3. ඔව් ඔව්. ඕක ගෙඹිලූශා නිසා පැන පැන ඇවිත් කොල්ලයි කෙල්ලයි සිංදු කියන අස්සෙ බක බක ගාන්න ගනියිද දන්නෑ. එහෙම උනොත් දෙමු චප්ප වෙන්න. ;)

      Delete
    4. ඕකව මං කොහොමත් චප්ප කරන්න තමයි ඉන්නේ.. ඔය කෙල්ලො කොල්ලො ලව් කරන අස්සෙ ආවොත් නං මං ඕකගෙ කෑලි ටික පාර්සල් කරලා තැපෑලෙං අරිනවා ගෙදරට. ඕ යේස් !!

      Delete
    5. මුද්දර අලවන්න උදවුවක් ඕනෙනම් කියහන් පත්තරේ... මම එවරෙඩි!

      Delete
    6. අැයි බස්සි දිව දික්කරන් ඉන්නවද

      Delete
    7. මන් මුද්දර අරන් එන්නම්. විදානෙ දිව දික්කරල පත්තරේට සහයෝගය දක්වන්න. මන් ඔයාගෙ ජොබ් එක බාරගන්න එක හරි නෑනෙ.

      Delete
    8. හැක හැක උඹලා සිහින ලෝකවල හිටපල්ලා , මම උඹලව ස්වර්ගස්ථ කරනකන් උඹලා දන්නේ වත් නෑ ..ඕ යේස්

      Delete
  3. මමත් කියන්නේ පට්ටයි..හැමදේම...
    ඉතුරු කොටස්ස් ටිකටත් එන්නම්.

    ReplyDelete
  4. තාක්ෂණික ගැටළුවලට පිළිතුරු පහසුවෙන් එකමතැනකින්. LKTips.com
    ඔබත් දැන්ම එකතුවන්න, අන් අය සමග දැනුම බෙදාගන්න http://lktips.com

    ReplyDelete
    Replies
    1. යකෝ යුනිකෝඩ් වදික්තේ කෑ උපදෙසක් දියන් ලබ්බ හැමදාම කියවනවා විතරයි බලහං මං අද දවසේ කෙටුව හැම එකකම කොම්බු පනිනවා

      Delete
    2. ඔව් අනේ පුළුවන්නම් නලින් මාමගෙ කොම්බුව හරිගස්සලා දෙන්න. එතෝට අපි සේරම ඔයාගෙ ෆෝරම් එකේ රෙජිස්ටර් වෙන්න එන්නම්.... ^_^

      Delete
    3. නලීන් අකුරට කලින් කොම්බුව නෙකොටා අකුරට පසු කොම්බුව එක්කර බලන්න සමහර විට හරියයි

      උදා . ෙකාම්බුව - කොම්බුව
      ෙබාරෙතල් - බොරතෙල්..

      Delete
    4. අන්න හරි. කොම්බුවට ඕනා විදියට නටන්න දෙන්න එපා.

      Delete
  5. මට මේ වගේ ඒවා අරහං.. ඒත් මොන රෙද්දකටද මන්දා......... මේවා නම් පට්ටයි ඕං ඈ....

    ReplyDelete
    Replies
    1. හහා.... මං හිතුව අද මාතලන් අංකල්ගෙන් බැණුමක් අහගන්න වෙයි කියල. "අපි උඹලගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙනව" කියල. :D

      තැන්කූ වේවා හොඳේ.... මේවටත් ආස ඇත්තො ඉන්නව නෙව.

      Delete
  6. මේ කතාව නම් එල.දැන් ඉතින් රෙඩි වෙන්න කොටස් පහුවෙනකොට එන මරණ තර්ජන වලටහෙම මුණ දෙන්න. :D ;) @අත්දැකීමෙන්

    ReplyDelete
    Replies
    1. මම කතාව ඉවරවෙනකම් එෆ් බී පැත්ත පලාතෙ නොයන්න තීරණය කලා. නැත්නම් මෙයාල මට වර්චුවල් මිසයිල් එවයි.

      Delete
    2. හැලි කමක් නෑ කවදා හරි එයි නේ. :p

      Delete
  7. බස්සිගේ ලියැවිල්ල සුපිරියි. එත් ලියන්නේ සිංහලෙන් නිසා මේවගේ දෙවලුත් හදාගන ලියන්න උත්සාහ කරන්න. මේ දාන්නේ ඔපේ ලිපියේ මැද ඉදන් දකින දේ. මුල් ටික අත හැරුණා. මේ ටිික වුවත් පෙන්වූයේ ඔබ ලියන දේ හා සිංහලය කෙතරම් සමිපද යන්න කිව හැකිි කෙනෙක් කියා සිතු නිසායි. මෙන්න
    එලියක් - එළියක්
    තුලින් - තුළින්
    උනා. - වුණා
    තිවුනා - තිබුණා - තිවුණා
    පහලට - පහළට
    කඳුලු - කඳුළු ( මෙතැනත් දු වැරදියි යුනිකෝඩ් අද නිවැරැදි එක ගහන්න දෙන්නේ නෑ)
    පිරුනු - පිරුණු
    මම ලහි ලහියේ ආපන ශාලාවෙන් පිට උනා - මං ලහි ලහියේ පිට වුණා ( මම උක්තයි මං අනුක්තයි)
    චලනාභ්‍යාස වල - චලනාභ්‍යාසවල 9(වල ප්‍රත්‍යය පද නොබිඳේ)
    පෙලන්නට වුනා - පෙළන්නට වුණා
    පිළිවෙලක් - පිළිවෙළක්

    ReplyDelete
    Replies
    1. ඉතාම අගය කරනවා මේ කාරණේ නලින් අයියා...දැන උගත් වැඩිහිටියෙකු ලෙස ඔබේ මේ සහයෝගය...

      Delete
    2. ඇත්තටම මේ තැන් මටත් හරියට පැටළෙනවා නලීන් අයියේ. මේ ව්‍යාකරණ ගැන දෙන උපදෙස් වලටනම් අනේක වාරයක් පිං.

      Delete
    3. ඇත්තෙන්ම අපිටත් වටිනවා නලින් අයියෙ. +++++++++++++ අපෙත් වැරදි ඇති තැන් හදා ගන්න පුළුවන්.

      Delete
    4. ගොඩක් ස්තූතියි නලින් මාමෙ. අක්ෂර වින්‍යාසය සහ ව්‍යාකරණ දැනුම නම් අන්තිම සවුත්තුයි මගේ.... මේ උදවුවනම් බොහොම වටිනවා.

      Delete
    5. ආන්න නලින් අයියා උඹ වගේ එකෙක්ගෙ වටිනකම ..!!!!

      Delete
    6. අන්න ඒ ටිකනම් සුපිරි, කොච්චර කරත් වරදින තැන්, ස්තුතියි නලින්අයියා

      Delete
  8. යස් ... (ගිටාර් ගහනවනං මෙයා වෙන්න අැති)

    මම බොහොම බය උනා මගෙ පණ එපා උනා
    රෑ දොලහට හොල්මනකට මාව අහු උනා

    මම උත්සවයකට, ගියා සින්දු කියන්න
    මට ආපසු යන්ට, ලැබුනා ජාමෙ දොලහට
    මම බැහැල පාරට, හැරුනා කනත්ත දෙසට
    මගෙ ගිටරෙක අත‍ට, අරගෙන යන්න යනකොට

    ශබ්දයක් ඇසිල මං, ආපසු බලන එකලට
    කලු බල්ලෙක් ඇගට, පැන්නනෙ බුරාගෙන මට
    මම හැරිල පස්සට, ආපසු දුවන එකලට
    කලු මිනිහෙක් උසට, හිටියනෙ පාරෙ හරහට

    මම බොහොම බය උනා..මගෙ පණ එපා උනා..

    අන්න කෙනෙක් දුර සිට, එනවා පෙනුන මෙමාට
    මම දිව්ව එතනට,මේ විස්තරය කියන්න
    මම ලගට ගිය විට, ඈ සුර කුමරිය ලෙසට
    කිව්ව මෙමාට, බය නොවනු එයාට

    ඔයා ගිටර් ගහන්න, ලක්ෂන සින්දු කියන්න
    මට ආසයි නටන්ට, කියල කිව්ව මෙමාට
    මම ගිටර් ගහනව, ලක්ශන සින්දු කියනවා
    තාලෙට එයත් නටනවා, මට දුකත් හිතෙනවා

    මම කිව්ව එයාට, හොද නැහැ පාරෙ නටන්ට
    අපි යමුකො එහාට, ගිය මිනි කනත්තට
    මම ගිටර් ගහනවා, ලක්ෂන බයිල කියනවා
    මට මෙහෙම පේනවා, මලමිනි නැගිට රගනවා

    මම බොහොම බය උනා..මගෙ පණ එපා උනා...

    සුදෝ එපා නටන්න, අපි යමුකො ගෙදරට
    අපෙ අම්ම ඔයාට, ආදරෙ වේවි හරියට
    මම මෙහෙම කිව්වම, එය පැන්න අහසට
    හූ කියාගෙන, නැවතත් පැන්න පොලවට

    එය රවනව මෙමට, මම ගැහෙනව බයට
    ඇ‍‍ගෙ දත් දෙකක් දිගයි, ඇස්දෙක ගිනිගොඩක් වගෙයි
    මම පැන්න අහකට, ගිටරෙක ගත්ත දෑතට
    දුන්න ඔලු‍වට, ගිටරෙකෙ කෑලි හැලෙන්න

    මේ ශබ්දය ඇසිලා , මුරකරුවො නැගිටලා
    මට වතුරපොවාලා, බැස්සුව ගෙදර ගෙනෙහිල්ලා
    මේ විස්තරෙ අහල, අපේ අම්ම බය වෙලා
    මට බලියක් ඇරලා, ගත්ත මාව බේරලා

    මම බොහොම බය උනා..මගෙ පණ එපා උනා...

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. හපෝයි... බයිල කියල නටලත් ඉවරයි නෙ මුන්දැ.

      හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට හොඳේ....

      Delete
    3. ගිටාර් එකේ තත් නෙමෙයි බස්සියෙ සිංහලෙන් කියපං ස්ට්‍රින්ග්ස් කියලා, ඕං නලියො බැනපං මේකිට :D

      විදානෙයො .. ඕං නලියනවා බං .. :D

      Delete
    4. අද මට සිංදු මෙව්වා එකක් ගිලුණා බං

      Delete
    5. ස්ට්‍රින්ග්ස් වලට කියන්නෙ තත් නෙමෙද පත්තරේ? මගේ පරිවර්තන හැකියාව ඉතින් කුජීතයි අයියෝ... :O

      Delete
    6. මොනාද ගිලුනෙ? සිංදු වතුර ද?

      Delete
    7. තත් තමයි බස්සි මචං .. ඒක නෙවෙයි තත් වලට සිංහලෙන් කියන්නෙ ස්ට්‍රිංස් කියලා .හැක්

      Delete
    8. අයියූ මන් හිතුව ඇත්තටම පරිවර්තන දෝෂයක් කියල. :P

      Delete
    9. අද විදානේට මොකක් හරි කැවිලා .එකට සිංදු පිට වෙන්නෙ ;)

      Delete
    10. සිංදු වතුර පෙවිලා සහෝ....

      Delete
    11. අඩේ පත්තරේ..

      එතකොට මචං ස්ට්‍රිංස් හොපර්ස් කියන්නෙ තත් ආප්ප කියනෙකදෑ..??

      Delete
    12. නෑ බං බිත්තර ආප්ප වලට වෙන්ටැ. ;)

      Delete
  9. හ්ම්...
    අළුත් කතාවක් පටන් ඇරන්..
    දිගටම ලියමුකො...
    පට්ට

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහේෂ්! කොටස් කීපයයි. මෙගා උනාම කම්මැලී නෙ.

      Delete
  10. ලස්සනයි නංගි...අද කථාව බොහොම හොදයි රහයි කියලා කට ඇරලා කියන්න පුලුවන්. මා නිතරම කියන ඔබේම කියන අනන්‍යතාව මේ කථාව තුල හොදින් මතු වෙලා තියෙනවා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සිරා අයියේ... :)

      Delete
  11. කතාව රහයි ...
    මං මේ අඩුපාඩුවක් කියනවා නෙවෙයි මගේ අදහස, මැදින් රූප එබිල්ල නිසා කියවාගෙන එන රටාව බිදෙනවා ,
    තව ටිකක් කතාව ලියන්ඩ ....මේ මට නම් මදී

    ReplyDelete
    Replies
    1. අනේ.... මං ආසයි පින්තූරු දාන්න. ^_^

      තව කොටස් දෙක තුනක් ලියාවි සහෝ.;...

      Delete
  12. කතාව නම් පට්ට ඈ මතක ඇතුව ලියපු ගමන් ලින්කුව ඉන්බොක්ස් කරපන්

    කොටස් වසයෙන් පල කොරන එක තමා පෙන්නන්න බැරි මොනා උනත් ඉක්මනට ඉතුරු ටිකත් ඕනි අනිත්

    ReplyDelete
    Replies
    1. අයියූ තව කොටස් දෙක තුනයි බොරලූ... මන් ඉතින් ඔයාට ඇර වෙන කාට ඉන්බොක්ස් කොලන්නද මෙයා... :P

      Delete
  13. බස්සිට තියෙන්නේ බස්සිටම විශේෂ, අපූරු ලිවීමේ රටාවක්. ඔය විස්තරේ ලියලා තියෙන විදියේ ගෑනු ලමයෙක්වමයි මතක් වෙන්නේ ...:)

    මේ කතාව නම් දිගටම කියවනවා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පොඩ්ඩි අක්කා....

      මේක මෙගා නෙමෙයි අක්කේ ටිකක් දිගට ලියැවුන කෙටි කතාවක්. බොළඳ වැඩි නිසාත්, දිගවැඩි නිසත් කම්මැලි හිතෙන්ට පුලුවන් හින්දා කොටස් කීපෙකට කැඩුවා.

      මම ඔයාගෙ මෙගා එක කියවන්න ලැප මැදගෙන රෙඩි වෙලා ඉන්නෙ හොඳේ.

      Delete
  14. හි හි හි ටිකක් නෙමි ගොඩක් බොළදයි වගේ ....... මම වැරදිද දන්නෙත් නෑ

    ReplyDelete
    Replies
    1. ++++++++++++++ ගණන් ගන්න ඒපා.......

      Delete
    2. ෙමෙෙලා් ෙදයක් ෙනාකරනවට වඩා ෙහාදයි ෙකාෙහම හරි ෙදයක් කරන ඒක. බස්සිෙග් උත්සාහය ඉතාමත්ම අගය කරනවා.

      Delete
    3. මැළයා ලියන්නෙ නැති එකට නලින් අයියා කනේ පාරක්වවත් ගැහුවද මන්දා....අපි නම් ඕවා දන්නෙ නෑත.....මොකෝ මේ කොම්බුව බීලද ?

      Delete
    4. අද දවසම මේ ෙකාම්බුව මට වද ෙදනවා. මල හත් ඉලව්ව රිස්ටාට් කර ගමන් හරියනවා විනාඩි තුන හතෙරන් අායි නැතුව යනවා

      Delete
    5. අතිශය බොළඳ කතාවක් කියවන්න මේ බ්ලොග් අඩවියට මුලින්ම ආපු යාලුවො කට්ටියව අමතක කරන්න බෑනෙ මැලේ... හැම ජාතියෙම ලිපි ලියල අච්චාරුවක් වගේ තියෙද්දි රහත් වැඩියිනෙ.

      Delete
    6. නිවාඩු දවසෙ නලින් මාම කොම්බුවටත් ෂොට් එකක් දීල වගේ.... යුනිකෝඩ් කන්වර්ටර් එකකට දැම්මත් හරිගියෙ නැද්ද?

      Delete
    7. හැක් .. නලින් අයියෙ කොම්බුව මොකෝ.:D

      මැලෙයො උඹ කවද්ද බං හරි දෙයක් කිව්වෙ.හැක්

      Delete
    8. ඇයි අෆ්ෆා පේන්නැද්ද අද කොම්බුවට වෙරි.

      Delete
    9. ඈ බස්සි දුවේ බොන්න බොන්න හැමදේම හරියටයි වෙන්නේ.පමණ ඉක්මවන්න පෙර මද පවනේදී.

      Delete
    10. බස්සි දරුවෝ මං කොටන්නේ සිංගිලිෂ් නොවේ බොහොම පැහැදිලි සිංහල විජේසේකර පුවරුව. ඉතින් මොකටැයි කන්වර්ට් කරන්නේ.

      Delete
    11. අනේ ඉතින් කොම්බුවෙ අවුල එතකොට හරියයිද බලන්නනෙ කන්වර්ට් කරල බලන්න කිවුවෙ....

      Delete
  15. ලස්සනයි! තවම ඉතුරු හරිය ගැන වැටහීමක් ඇතිවෙන්නෙ නෑ! ඉක්මනට ලියන්න ඉතිරු හරිය

    ReplyDelete
    Replies
    1. කැස්පර් මලයා..... සාදරයෙන් පිළිගන්නවා හොඳේ!

      Delete
  16. බස්සිගේ භාශා ශෛලියටනම් මං හරිම මනාපයි. ඔන්න එහෙනම් අලුත් නවකතාඅවක් මුල ඉඳල කියවන්න හොඳට හරිබරි ගැහිල වාඩිවුනා. දිගටම ලියාගෙන යං හොඳේ..

    ReplyDelete
    Replies
    1. අයියෝ.... නවකතාවක් නොව චරිත දෙක උන්ගේ හිතුමනාපයේ හැසිරෙන දිග කෙටිකතාවක් මනෝෂ්!! ස්තූතියි!! :D

      Delete
  17. මරුනෙ බොල. සිරාවටම මේ සෑම්පලේට ලියන්න පුළුවන් බස්සිටම තමා. 'බස්සිස්ටැයිල්'++++++++

    හැබැයි හොද හිතින් ඉක්මනට ඊළග කොටසත් දැම්මානම් තමා වටින්නෙ.

    ReplyDelete
    Replies
    1. මේකේ තියන "බස්සිස්ටැයිල්" එකත් කියවලම බලන්න.
      http://laadamahasa.blogspot.com/2014/01/blog-post.html

      Delete
    2. අම්මෝ ඊගාව කොටස දාන්න තියෙන තර්ජන කන්දරාව බලාපල්ලකො....

      Delete
    3. හැබෑට "ලා දම් අහස" ලියපු රෙහානි අක්කට මොකද වුනේ? මෙගා කතාවකුත් අතරමග නවත්තලා.

      වටු නන්දෙගෙ කතාව මරු නේ... කලින් කියෝලා තිබුනත් ආයෙ ආයෙ කියවන වතාවක් ගානෙ හිනා යනව

      Delete
    4. ඒක කියෙව්වා විදෝ. :)

      සිරාවටම කෝ බොලවු රෙහානි????

      Delete
  18. ගිටාර් ප්ලේයර් කෙනෙක් සහ ගෑණු ළමයෙක් !!!

    කියාගන්න වචන නෑ..

    ReplyDelete
    Replies
    1. අහා.... මෙයාගෙන් උපදෙස් ගන්න පුලුවන් නේද ගිටාර් ප්ලේයර් හැසිරෙන හැටි ගැන එහෙම.... :)

      Delete
    2. ගුත්තිල ගහපු විදියට නේද ගහන්නේ...

      Delete
    3. හැක්. හැසිරෙන හැටිනං මං දන් නෑ බං ඔය කොල්ලගෙන් අහපං ගෑල්ලමයෙක් ළඟ ඉද්දි ගිටාර් එක අරං මගුලක් කරනවද කියලා.ඕක ගෙදර ගිහිං ගහගන්ඩ කියහංකො ඇති පදං..ඔය ගිටාර් ගහන වෙලාවක්‍යැයි. නොදකිං මුංගෙ සාමාන්‍ය දැනීම නං අන්තිමයි..චැහ්. ඔය කොල්ලගෙ නම්බරයක් නැද්ද කෝල් එකක් අරං කුනුහබ්බෙන් බනින්න මට ඕකට :D

      Delete
    4. පත්තරේගෙන් ඇහුවොත් ඉතින් ගුත්තිලගෙ වයලින් එක මූසිල ගහපු හැටි ඉගෙනගත්තැකි විදානේ....

      Delete
    5. කෙල්ල ළඟ ඉද්දි ළකුණු කපාගන්න සිගරට් බොන එකානෙ. ඒ සමහර කෙල්ලො ආසලු ඕම ගණන් උස්සන කොල්ලන්ට.

      Delete
    6. හෑ .. සිගරට් බිව්වම ලකුණු කැපෙනව නේ බං.. :D ඇත්ත තමා
      හෙට ඉඳං වයිෆ්ට ගනං උස්සල බලන්න ඕන.. මොකෑ වෙන්නෙ කියල.. වැරදුනොත් ඔය ඇඳක් යට රිංගල පැයක් දෙකක් ඉන්ඩ වෙයි වැඩිම උනොත්. ආයෙ නුපුරුදු දෙයක්කෑ මට.

      Delete
    7. ඹය කෙල්ලෙක්ගේ නම්බෙරේ නැද්ද මං අහන්නේ (උෟට ගිටාර් ගහන්න තියනවනේ)

      Delete
    8. ඌට කියමු උඹට තාම ප්‍රැක්ටිස් මදි තව ගහල ගහල පුරුදු වෙයං එතකං අපි ඒ නංගිව බලාගන්නං කියලා.

      Delete
    9. @පත්තරේ
      සිගරැට් වැඩක් නෑ බං මලක් ගහලා යන්න ඕන නේ ;))) .....

      Delete
    10. මන් නම්බරේ ඉල්ලුවා. කෙල්ල කැමති ගිටාර් ගහන කොල්ලන්ටලු බන්. ;)

      Delete
    11. පත්තරේ : ඇඳයට රිංගන්න එපා කොස්සෙන් ගහන්න ලේසිනෙ. වහලෙටවත් නැගපන්. :P

      Delete
    12. සහෝදර මචෝ. ඔව් ඔව් ඇස් දෙක ජිල් බෝල වගේ කරං ගියාම අහයි ෂෝක් එකට අද අයිය වෙනද බොන ජාතිය නෙවෙයි බීල තියෙන්නෙ හරී අහිංසකයි කියලා :D

      Delete
    13. එතකොටද අර Shrekගෙ පූස වගේ ලුක් එකක් එන්නෙ? :O

      Delete
    14. \\ඌට කියමු උඹට තාම ප්‍රැක්ටිස් මදි තව ගහල ගහල පුරුදු වෙයං එතකං අපි ඒ නංගිව බලාගන්නං කියලා.//

      මං මේ නිකමට අහන්නෙ බං, උඹ මේ කිව්වෙ ගිටාර් එක ගැනනේ?

      Delete
    15. ඔව් යකෝ ඔව්.:D .ඌට අනික උඹ දන්නවනෙ බං අපි නංගිල ගැන එහෙම වැරදි විදියට හිතන්නෙවත් නෑ කියල..අපේ ගෑණිගෙං අහපංකො බොරුනං.අපි හරි ෂෝයි. බොන්නෙ කිරිත් එක්ක සමහන් . හැක්

      Delete
    16. උඹලා කාටවත්ම කියනවා එහෙම නෙමෙයි ප්ලේ කරන්න නොදන්නවා උනාට මටත් බොක්ස් ගිටාර් එකක් තියෙනවා ගෙදර.

      හිටහල්ලකො හෙට ඉදන්ම ඕකත් අරන් කොහෙ හරි හුදකලා තැනක කෙල්ලෙක්ට පේන්නෙ අතේ තියන් ඉන්න ඕන.

      ප්ලේ නොකලට අවුලක් නෑ. ඒ වගේ පෙන්නම් හිටියම ඇති නොවැ. :D :D

      Delete
    17. අපිත් ප්‍රියාවිට කියන්නම් ගිටාර් ස්ට්ටැයිල් එකට ඉදල අරන් බොඩි ගාර්ඩ් ජොබ් එක කරන්න කියල.

      Delete
    18. ඔව් ඔව් උඹ කියපන් මේ සිංදුවක් ගහනව නෙමෙයි නිදහස් තැනකට වෙලා නොටේෂන් එකක් ලියනව සිංදුවකට කියල.. :D

      ගොඩේ ගොඩ.. කෙල්ලො එයි හූ කියාගෙන :D

      Delete
  19. සුපිරි කෙල්ලෙක් නොවෑ..අපිට හිටපු උන් සිගරට් එකක් බිලාගියමයි මැරෙන්න හදන්නේ

    ReplyDelete
    Replies
    1. ඒ ආදරේ වැඩි හින්දනේ....

      Delete
    2. එතකොට මෙහ කෙල්ල කොල්ලට ආදරේ නැතෙයි

      Delete
    3. කියවලා බලන්නකෝ

      Delete
  20. අක්කේ මෙහෙම කරපන්! කෙල්ලයි කොල්ලයි සෙට් වෙන්න වගේ එද්දී කොල්ලා ව මරලා දාපන්! නැත්නම් කෙල්ලව වෙන කොල්ලෙක්ට සෙට් කරපන්! හැබැයි වැඩේ ටිකක් අමාරු වෙයි මොකෝ කෙල්ල දැන් වෙද්දීම අහිංසකි වෙලා ඉවරයි! ;)

    මරු ඈ!

    ReplyDelete
    Replies
    1. එහෙනම් බං කියන්න වෙන්නෙ මූට

      "ඇරඹුමම කඳුළක් වෙලා…
      මා… බලා ඉත්දී ඒ දිහා…
      ආ… දුරත් දුර වැඩි නිසා…
      අවසානයට පෙර 'කෙළවුනා'……"

      අන්න එහෙමයි :D

      Delete
    2. හහා... නාඩියා ඔබාම මාමව බලන්න යන හින්ද කතාව මිස් වෙනෝ නේද? කෙල්ලව සාරියකින් විලෝ ගහේ එල්ලුව නම් තාත්වික අවසානයක් දුන්නැකි නේ?

      Delete
    3. දැන්ම එපා ප්‍රියා ඔය දුක් ගීය කතාව ඉවර වුන දාට කියන්න ඉතුරු කර ගන්න.

      Delete
    4. විලෝ ගහක එපා වල්ල පට්ටා ගහක එල්ලන්න!

      Delete
    5. අහා.... ඔයාට ගිහින් ගහ කපලා බේරගත්තෑකිනේ එතකොට? :පී

      Delete
  21. බස්සි අර කොල්ල ගිටාර් එකේ ගැහුවෙ

    "හුදෙකලා විරාමයේදි - හමුවෙමුද ටිකක් "
    කියන සිංදුවද බං :D

    ReplyDelete
    Replies
    1. නෑ මචං…

      "කටගැස්ම වී මා ලෝකෙට පේනවා…
      තළු මරා මාවම බයිටට ගන්නවා…
      හිස හැරුණ ඒ මේ අත මා දුවනවා…
      ඊජිප්තු පිරමීඩෙක මා නිදනවා……"

      අන්න ඒක. :) :D

      Delete
    2. අනේ ඉතින් නේ? මගෙ ගිටාර් හීරෝගෙ චරිතෙ අමුඅමුවේ ඝාතනය කරනව නෙ මුන් දෙන්නා.

      Delete
    3. කෙල්ල කියනවා මෙහෙම

      මගෙම අයියන්ඩියක වී නුඹ
      සසර මතු දා - උපත ලබනට :D

      Delete
    4. අන්න ඔය කෑල්ල කිව්වම තමා අර රුපියල් සීයට තියෙන පිහි මතක් වෙන්නේ

      Delete
    5. ආන්න මගෙ හතුර උනත් නයිස් ටෝක්ස් එක..

      මාත් ඔය ටොපිය කාල තියනව බං.මල කියන්නෙ හොඳම එක..අන්තිමට අපි මේව අමතක කරල සහෝදරයො /යාලුවො වගේ ඉමුලු.මොකෑ බං කොරන්නේ ගෑණුනේ...
      නැත්‍තං දෙයියම්පල්ලා උස්සලා ගැහුවහැකි පොලවේ !!!

      Delete
  22. හරි කියෙවුවා. හැබැයි මම වගේ කොටසක් දලා සති තුනක් විතර ඉන්න එපා ඊලග කොටස දාන්න. එතකොට කතාව මට අමතක වෙනවා :පී

    ReplyDelete
    Replies
    1. මාස තුනක් විතර ඉන්නම් එහෙනම් නංගියා... එතකොට මට අමතක වෙයි මං කතාවක් ලියන්න ගත්තද කියලා.

      මේ පිස්සු නැතුව අර ලියන්න ගත්තු එකේ ඊගාව එපිසෝඩ් එක දාන්න ඉක්මනට හොඳද?

      Delete
    2. උඹට ඒක තේරුණාද මදාරෝ...... එහෙම කරන කොට මරන්නේ රසයයි

      Delete
    3. ආන්න සිහිනයා තේරුම්ගනින්. :පී

      Delete
  23. මන් උඹ දුන්න වෙලෙ කියෙව්වට කොමන්ට් එකක් ඔබන්න බැරි උනා බන් අන්තිමෙට මොනා වෙයිද?උඩ ඉන්න ගොන් සෙට් එක කිව්ව වගෙ ටො මුන් දෙන්නව වෙන් කරලා කතාව ලිව්වොත් මන් ටු හම ගහනවා....
    උඹෙ පරිසර වර්ණාව ගති..දිනෙෂ් මලයව මතක් උනා..දිගටම මෙම එවත් කවි අතරින් පතර ලියපම්..ඊ ලග කොටස ඉක්මනින් ඩාමු ඈ

    ReplyDelete
    Replies
    1. කෙල්ලව නම් සාරියකට ජෝඩු කලාම ගොඩ නෙ. හ්ම්ම්.... කොල්ලට මොකද කොරන්නෙ? ඌට කෙල්ලගෙ එක්ස් ඇවිත් ගිටාර් එක උදුරලා ගහනවා ඔලුව කුඩු වෙන්න. අන්න ඒ විදිය ගති නේ? ඇඬෙනවා :P

      Delete
    2. නෑ නෑ බං ,කොල්ලට තව කෙල්ලෙක් ජෝඩු කරාම හරි. ඌට දෙන්ඩ තියන ලොකුම දඬුවම ඒක :D

      Delete
    3. එහෙම චපල වැඩ කොරන්න බෑ. මේ කොල්ල පත්තරේ නෙමෙයි නෙ. :P

      Delete
    4. පවට පින් දෙන්න පුලුවනෑ.දනී මං වගේ නං :D

      Delete
  24. ක්ිය්ව්ඩ්ක්ිKiyawaddi mawila penawa yakuuu,

    4n eken bola cmnt kalee

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ සෑමෝ....!!! :)

      Delete
  25. උඹ දවල බුදියන් ඉන්න වෙලාවක කොටියම කාපිය.. මම මුල් ටික ලියලා තිබ්බ කතාවක් වගේම එකක් ලිවුවට..

    කොල්ලෝ ටිකක් ඔහොම ආඩම්බර වුනාට කමක් නෑ.. හා හා කොටස් යන කතාවක්නෙ නේ? ලියපංකෝ එහෙනම්..

    ReplyDelete
    Replies
    1. අනාආආ.... කවුද දන්නෙ ඔහොම දෙයක්. :/ කතාව පටන් ගැන්ම එහෙම උනාට මන් හිතන්නෙ අවසානය වෙනස් වේවි නේද?

      ඔව් නේ. කොල්ලො පොඩ්ඩක් ආඩම්බර වෙන්න ඕනෙ කියලයි මාත් හිතන්නෙ.

      මෙහෙ කොටි නෑ දැන් ඉන්නෙ නානුසාදුගෙ සිංහයො රැළ.

      Delete
  26. නියමයි බස්සී... ලස්සනම ලස්සන කතාවක්.අපි බලන්ඉන්නව ඊළග කොටස එනකම්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ට්‍රොනිකා.... ඊළඟ කොටස ඉක්මනින්ම දාන්නම්කො.

      Delete
  27. ලස්සනයි ඈ කතාව...
    බස්සිගෙ කතාවල තියෙන්නෙ වෙනමම ආරයක් නොවැ..
    ඒක පට්ට..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සංචාරක. මීළඟ කොටසත් බලලා යන්න එන්නකෝ....

      Delete
  28. අව්ව්ව් ලස්සනම ලස්සනයී කෝ කෝ ඉක්මනට අනිත් කෑල්ලත් දාන්නකො ....., මෙයාල දෙන්නව අදුර ගන්න ආසයි... මම හිතන්නේ දෙවෙනි කොටසින් පුලුවන් වෙයිනේ... ඔයා ලියන විදිය එල කම්මලි නෑ කියවන්න

    ReplyDelete
    Replies
    1. මෙයාලා දෙන්නට දෙන්නා අඳුන ගනීවි ඉස්සරහට නංගා. කියවලා බලන්නකෝ.....

      Delete
  29. ෆුල් රොමෑන්ටික් බස්සියො..ඉක්මනට ඉතුරු ටිකත් ලියා දාන්න..ආසයි කියවන්න.

    ReplyDelete
    Replies
    1. එල එල! දෙවෙනි කොටසත් දැම්මෝ අන්න.

      Delete