Friday, January 9, 2015

එක්වෙමු - වෙනසක් කරමු!






සියල්ල සිදුවී හමාරය. මහින්ද ජනාධිපතිවරණයෙන් පරාද ය. 


ඔව්. මම මෛත්‍රීපාල ජයග්‍රහණය කලා යැයි කියන්නට ඉක්මන් නොවෙමි. මන්දයත්, මගේ මානයන්ට අනුව මෛත්‍රීට ඇති සැබෑ අභියෝගය ජයගත යුත්තේ ඉදිරියටය.


මහින්ද රාජපක්ෂ පළමුවර ජනාධිපති වන සමයේ මට ඡන්ද අයිතිය නොතිබුනි. නමුත් එකල අපි ඔහු වෙනුවෙන් මහත් ආඩම්බරයෙන් 'කඩේ ගියෙමු'. කඩේ ගිය අපි ගෙදර ආවේ හිස් අතින් නොවේ. වසර තිහකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාව තුල ඇවිලි ඇවිලී තිබූ යුධ ගිනි හමාර වූවේ එතුමාගේ ධූර කාලය තුලදීය. ඉතින් මහින්ද රාජපක්ෂ එදා මෙදා තුර ශ්‍රී  ලංකාව තුල බිහිවූ සුවිශේෂී නායකයෙකි.  එය අවිවාදිතය. 


මහින්දගේ දෙවැනි ධූර  කාලය ඇරඹීම වෙනුවෙන් මමත් මගේ පළමු ඡන්දය මහත් ආඩම්බරයෙන් පාවිච්චි කලෙමි. මහින්දගේ 'සුරක්ෂිත රට' තුල ජෙනරල් සරත් ෆොන්සේකාගේ අනාගතය ගැන බිය විය යුතු නැතැයි සිතන්නට තරම් එකල මම නොමේරු දේශපාලන දැනුමකින් යුතු වූයෙමි. කලකිරීමේ සමය ආරම්භ වූයේ ඉන් පසුවය.


මහින්ද බොහෝ හොඳ දේවල් කලේය. බොහෝ නරක දේවල්ද කලේය. මගේ මානයට අනුව ආකේඩ් එකේ රුපියල් දෙසියයට ආප්පයක් අලෙවි වීම හොඳය. හැබැයි, ගමේ මිනිහාට රුපියල් විස්සට ආප්පයක්වත් කන්නට බැරුව වස බොන්න සිදුවීම නරකය. පෞද්ගලික විශ්වවිද්‍යාල ඇතිකිරීම හොඳය. නමුත් ගමේ ඉස්කෝලෙට යන්න සපත්තු ගන්න වත්කමක් නැති අවුරුදු දහයේ දොළහේ දැරිවියන්ට ගෙල වැලලා ගන්නට සිදුවීම  නරක ය. අධිවේගී මාර්ග හැදීම හොඳය. නමුත් ඇස්තමේන්තුගත මුදලින් සියයට දෙදහසක්ම කොමිස් ගැසීම බොහොම නරකය. කැරට් පෙන්නා  අහිංසක මිනිස්සු රැවටීම නරකය. ජාතිවාදී රූකඩ නැටුම් නරකය. සුදුවෑන් නරකය. ආගම්වාදය බොහොම නරකය. තම අයිතීන් ඉල්ලා පාරට බහින මිනිසුන් අබ්බගාතයන් කරවන අවම බලය බොහොම නරකය. 


ඉතින්, මම නරක අඩු පැත්ත තෝරා ගත්තෙමි.


කොහොමත් නරක නැති මිනිස්සු කියා ජාතියක් නැත. ඉන්නේ නරක අඩු මිනිස්සු ය. මෛත්‍රීපාල මහත්මයා මහත්මයෙකු ලෙස අඩු නරකත්, වැඩි හොඳත්  පෙන්නාවියැයි මම උදක්ම බලාපොරොත්තු වෙන්නේ ඒකය.


අනික, පුරවැසි මාධ්‍ය ඇත්තේ ෆන් ගන්න නොවේයැයි අපි ඔප්පු කලෙමු. ඒක මෛත්‍රීපාල මහත්මයාත් සිහි තබා ගන්නවානම් බොහොම හොඳය. මහින්ද රාජපක්ෂ මහත්තයාට පරහට හිටියේ එතුමාගේ වටේ සිටි ජොකියෝ ටිකත්, නාස්තිකාර පුත්‍රයෝත්, මඩ මාධ්‍යකාරයෝත් ය. ඒකත් මෛත්‍රී මහත්තයා පාඩමකට ගන්නවා නම් තවත් හොඳය. 


රජෙක් හදන්නත් හැදූ රජා මකන්නත් පරමාධිපත්‍යය ඇත්තේ පුරවැසියන්ට බව දැන් ඔප්පු වී හමාර ය. ඒ පරමාධිපත්‍ය ඇත්තේ උප්පැන්න සහතිකයේ ඇති ජාතියටවත් ආගමටවත් නොවේය. ඒ හැකියාව ඇත්තේ මිනිස්සුන්ටය. "මිනිස්සු" කියන කුලකය සංඛ්‍යාත්මක වශයෙන් එන්න එන්නම අඩුව යන මෙ කල වෙනසක් කරන්නට කොන්දක් තිබුන "මිනිස්සු" මෙපමණ සංඛ්‍යාවක් ඉතිරිව සිටීම ගැනත් ආඩම්බර ය.


වන්දිභට්ටයන්ගේ ප්‍රශස්තිවලට නොව පුරවැසියන්ගේ හදගැස්මට සුසර සවන්ද, නැකැත් තරුවලට නොව පය ගසා සිටින මහපොළොව වෙත යොමුවූ දෙනෙත් ද, මොණර කොල වලට නොව තැලෙන පෑගෙන ජනතාවගේ දහදියට කඳුලට සැලෙන හදවතක් ද සමගින් වෙනසක් කරන්නට මෛත්‍රීපාල සිරිසේන අභිනව ජනපතිතුමාට හැකිවේයැයි මම උදක්ම බලාපොරොත්තු වෙමි. එකී වෙනස දකින රිසින් නෙත් දල්වා හිඳිමි.


දැනට කියන්නට ඇත්තේ ඔච්චරය. දැන් මම යමින් ගමන් නැකැත් ස්ටාර්ලාගේ වෙඩි සංදර්ශනය සහ මාරක ගිණිකෙලි  සංදර්ශනය නරඹා පවිත්‍රා නෝනා මහජන අයිතියට පත් කරනවායැයි කී ඒ ඇත්තියගේ ගෙදරින් කාමරයක් මටත් ඉල්ලා ගන්න පුලුවන්දැයි හොයා බැලිය යුතුය.



57 comments:

  1. ඇත්තටම යහ පාලනයක් නම් රටට සුභ අනාගතයක්.
    හරි පාරට ගන්න බලමු නැත්නම් විරුද්ධව පෙලගැසෙමු

    මෙන්න මගේ කාලීන දේශපාලන විග්‍රහය පැමිණ කියවා අදහස් දක්වන්න

    ReplyDelete
    Replies
    1. අදහස් දැක්වූවාට ස්තූතියි ම.ක.සි.

      ඔබේ බ්ලොග් අඩවිය මගෙ බ්ලොග් රෝලෙ තියෙනවා. මෙතැන සබැඳියැක් දැක්වූවත් නැතත් මම ඔබේ හැම ලිපියක්ම පාහේ කියවනවා. :)

      Delete
    2. ලිපියේ අරමුණට සමාන දෙයක, කාලීන දෙයක හෝ සාකඡ්චආවට බඳුන්විය යුතු දෙයක ලින්ක් පල කිරීම ස්පෑම් කිරීමක් නොවේ. මෙම ලින්ක් එක පල කලේ ඔබ වෙනුවෙන් නොවේ.

      Delete
    3. සමාවෙන්න ම.ක.සි. මේ මගේ බ්ලොග් අඩවියයි. ඔබේ බ්ලොග් අඩවිය වැදගත්යැයි හැඟෙන නිසාමයි එය මගේ බ්ලොග් රෝලේ අමුණා ඇත්තේ. (පිටුවේ වම් පස තීරුව බලන්නකෝ.) ස්පෑම් කිරීමක් කියල මම මෙතන කියල නැහැනේ.

      Delete
    4. හරි හරි බස්සියේ තරහා වෙන්න එපා.

      Delete
  2. බලමු... කොහොමද වැඩේ වෙන්නේ කියලා.. අපි අවධියෙන්...

    ReplyDelete
    Replies
    1. ඔව් නාඩි. අපි රජෙක් හැදෙන හැටි වගේම රජෙක් බලකාමයෙන් වියරු වැටෙන හැටිත්, අන්තිමේ ඒ රජාට ගෙදර යන්නට වූ හැටිත් අහපු දැකපු විඳපු පරම්පරාවක්!

      Delete
  3. බස්සිලාගේ වගකීම ඉටුකිරීම ගැන ස්තුතිවන්ත වෙමි.
    දේශපාලනය යනු පරම්පරාවෙන් එන පාටකට වඩා රටේ නීතිය සාමය ආරක්ශාව දියුණුව කියලා හිතපු හැමෝටම ඉස්සරහටත් වගකීමක් තියෙනවා.
    ජාතිවාදය වපුරන සහෘදයන්ට අනුකම්පා කරමු.

    ReplyDelete
    Replies
    1. ජාතිවාදය වපුරන ඈයොන්ට "පව්" කියනවා ඇරෙන්න වෙන කියන්න දෙයක් නෑ රංගි අක්කා!

      Delete
  4. //පුරවැසි මාධ්‍ය ඇත්තේ ෆන් ගන්න නොවේයැයි අපි ඔප්පු කලෙමු.ඒක මෛත්‍රීපාල මහත්මයාත් සිහි තබා ගන්නවානම් බොහොම හොඳය. //
    ------තාම නම් මෛත්‍රී මහත්තයට එක මතක ඇති. එත් පහු වෙනකොට අමතකවුනොත් තමයි ප්‍රශ්නේ.

    //මහින්ද රාජපක්ෂ මහත්තයාට පරහට හිටියේ එතුමාගේ වටේ සිටි ජොකියෝ ටිකත්, නාස්තිකාර පුත්‍රයෝත්, මඩ මාධ්‍යකාරයෝත් ය. ඒකත් මෛත්‍රී මහත්තයා පාඩමකට ගන්නවා නම් තවත් හොඳය//
    -------මහින්ද කියන්නේ මිනිස්සුත් එක්ක හිටිය , මිනිස්සු එක්ක හැදුනු වැඩුනු ගමේ මිනිහෙක්. එත් රජ වුනාට පස්සේ එතුමාට ඒ දුප්පත් මිනිස්සුන්ව පෙනුනේ නැහැ. ඒ වෙනුවට කැසිනෝ, කුඩු, ගණිකා යන තුන් සරණ පැත්තට එතුමා ලංවුනා. එහෙම නෙවයි නම් එව්වාට ලංවෙන්න ඉඩ දීලා බලන් හිටියා. යුද්දේ දිනන නායකයා ට ලෝකය ඇතුලේ රට දිනවන්න බැරි වුනා. අද එතුමාට විඳින්න වුනේ ඒ කේ පල විපාකයි. විභීෂණ තාමත් 2010 ට කලින් හිටපු මහින්ද ට පුදුමාකාර ආදරෙයි එත් 2010 න පස්සේ හිටපු මරා ට නම් පට්ට වෛරයි.

    ReplyDelete
    Replies
    1. ඔව් විභී. මමත් යුද්ධයේ බිහිසුණුකම අත්විඳපු කෙනෙක්. ඒ නිසා මම "යුද්ධෙ ඉවර කරපු ජනාධිපතිතුමාට" තවමත් බොහොම ගරු කරනවා. හැබැයි එතුමාට වගේම ත්‍රිවිධ හමුදාවට, පොලීසියට විතරක් නෙමෙයි සිවිල් ආරක්ෂක බලකායටත් එකවගේම ගෞරව කරනවා.

      Delete
  5. මහ අගෙයි මේ වචන...!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ලොකූ!

      Delete
  6. ඇතා පිට ගොස් සතුරා එක්ක කඩු ෆයිට් එක නොකරම මහරජෙක් හදාගැනීමේ විපාක අවුරුදු 4ක් අත්වින්දෙමු.
    දැන් රජෙක් නොව නායකයෙක් හදාගෙන ඉස්සරහට යන්න බලමු.

    ReplyDelete
    Replies
    1. අපිට වැරදුනේ හිටපු නායකයාව මහරජෙක් කරගන්නට යාමෙනි.

      Delete
  7. එකෙන්ම බස්සි අවිවාදයෙන් එකයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රොෆා මල්ලි!

      Delete
  8. //ඒ පරමාධිපත්‍ය ඇත්තේ උප්පැන්න සහතිකයේ ඇති ජාතියටවත් ආගමටවත් නොවේය. ඒ හැකියාව ඇත්තේ මිනිස්සුන්ටය.//

    මිනිස්සුන්ට ලේසියෙන් අමතක වෙන්නෙත් මේ දේමයි. :)

    ReplyDelete
    Replies
    1. අලුත් අය දැනට කල හොඳම දේ -
      රජෙක්ට ඔටුණු පැලදවීමක් ලෙස නොව ජනතාවගේ නියෝජිතයෙක් සීමිත කාලයකට තනතුරක් භාරගැනීමේ උත්සවයක්

      ප්‍රශ්නයකට තියෙන්නේ අපේ රටේ මිනිස්සු තමන්ගේ බදු මුදලින්කරන ෂෝ අඩු කිරීම ගැන අගය කරයිද? ලංකාවේ හැම සාර්ථක දේශපාලකයෙක්ම නරක් කලේ වටේ ඉන්න මිනිස්සු විතරක් නෙමෙයි, මහජනයගේ ආකල්පත් බල පෑවා. මං දැක්කා සමහරු ලියල තියනවා පැරදුනත් ඔවුන්ගේ හිතේ රැඳෙන රජු කියල. මොන මගුලකට ජනතා නියෝජිතයෙක් රජෙක් ලෙස දකින්න ඕන පිස්සුව අපේ ජනතාවට තියනවාද කියල මටනම් තේරෙන්නෙ නෑ.

      Delete
    2. අහන්න දෙයක් නෑ පොඩ්ඩි අක්කේ. ඔන්න දැනටමත් අමතක වෙලා.

      Delete
    3. ඕක ඉතිහාසෙ ඉඳන් එන වැරැද්දක්. කොඳුවල වැරැද්දක්.

      Delete
  9. සියල්ල ඇත්තය.......
    මම සිතුවෙ මාතලන් ලොක්ක ලියල.....කියලාය.......

    ReplyDelete
  10. එළකිරි.... අපට ඕනා උඹ වගේ කෙල්ලෝය.. බුකියේ ෆන් ගන්න ගොන් කෙල්ලෝ නොවේය... පුරවැසි මාධ්‍යකරණයේ බලය දැන් මහින්ද ගොයියාට වැටහෙනු ඇත...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මාතලන්.

      බුකියේ ෆන් ගත්තු නංගි වෙනුවෙන් එදා ලිවුව කවිය මාතලන්ගේ බ්ලොග් එකෙත් දැම්මානම් අපූරුයි.

      Delete
  11. දැන් සියල්ල අතීතයට එක්වී හමාරය , ජඩ සමාජ සංස්කෘතිය ඇතිකලවුන් එය නිසාම බලය අහිමි කරගැනීම තුලින් පෙන්වාදෙන්නේ එකම පාඩමකි. එනම් කිසිවක් සදාකාලික නැත. කාලය පැමිණිවිට නික්ම යන්නට සිදුවන බව අවබෝධ කරගෙන ජීවත් විය යුතුය. ජනපති මහින්ද මතක කල ඔහුගේම වචන නම් ඔහු මේ රටේ අයිතිකරුවා නොව භාරකරුවා පමණක් බවය. මහින්ද අමතක කල ඒ වචන මෛත්‍රී අමතක නොකරනවානම් ඔහු සාර්ථක වේවි.

    මම මේ පිස්තෝලයක් අරන් චන්ද්‍රසිරි බණ්ඩාර ලොක්කව හොයනවා තෑගී කරන්න , මිනිහා පේන්න නෑනේ බං දැක්කොත් කියපං

    ReplyDelete
    Replies
    1. @ I P,
      චන්ද්‍රසිරි ඔහුගේ සේවායෝජකයින්වන බටහිර කුමණ්ත්‍රනකරුවන්ගෙන් ඉතිරි ගෙවීම ලබා ගැනීමට ඉතාලියට ගොස් ඇත.

      (මෙහෙන් කලගුණ එහෙට ගෙන්වා ගැනීමට කාවද එවනවයි කිව්ව පෙබරවාරි මුල :-DDDD )

      Delete
    2. ඉතාලියට ගියානම් අනිවා පත්ත්රයා මේ වන විටත් ගල් කාලක් ගෙනත් කාලගුණ සලකනවා ඇති

      Delete
    3. මම ඒත් බැලුවා මෙහේට ටිකත් සීතත් අඩු වෙලා. සුවර් එකටම චන්ද්‍රසිරි ගේ ග්‍රහ බලය ඉතාලියටත් වැඩ :-D
      ඔය පත්තරයා වගේ එවුන් හොයලා පැක් කරලා එවන්න ඕනේ. ඔවුන්ට ගල්ම බොන්න දී අමු අමුවේ මරන්න ඕනෙය ;)

      Delete
    4. මෛත්‍රීට ඒවා අමතක නොවේවා කියන එක තමයි මගෙත් පැතුම. අපි බලාගෙන ඉමු. වැදගත්ම දේ මට පක්ෂයක් නෑ, පාටක් නෑ. හැබැයි "ඔළුවක්" තියෙනවා.

      Delete
    5. මං බැලුව ඒත් පත්තරයා සද්දයක් නැත්තෙ මොකෝ කියලා. මෙලහකටත් චන්ද්‍රසිරි එක්ක සමරනව ඇති එහෙනම්.

      Delete
    6. හුරේ !!! ජයවේවා .… චන්ද්‍රසිරි ලොක්කාට කේන්දරේ දුන්න බලන්ඩ . මට කීව ලබන පාර මහ මැතිවරනෙට ඉල්ලන්ඩ පුත උඩිං දිනනවා කියලා …… ඕ යේස් !! සහතික ඇත්ත.

      Delete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. මම මේ ලිවිල්ලේ වැඩියෙන්ම කැමති අවසානයට පෙර ඡේද දෙකටය - කිව යුතු දැනිය යුතු සියල්ල එහි කැටිවේ. ඉදිරිය හිමි ඔබේ පරපුර මෙසේ ඇත්ත දැකීම අපේ ජයයි! ඉතා අගෙයි බස්සියේ! අවදියෙන් ඉන්න.....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සමන්මලී අක්කා...

      Delete
  14. //පෞද්ගලික විශ්වවිද්‍යාල ඇතිකිරීම හොඳය//

    බොහොම හොඳය . පට්ටය. ඒත් මුදලට රාජ්‍ය විශ්ව විද්‍යාල වලට සිසුන් ඇතුලත් කර ගන්න දවසක මේ රටේ උසස් අද්‍යාපනය අවසන් වන එකත් සුවර් ම සුවර් ය.

    ReplyDelete
    Replies
    1. ඉහළ ලකුණු ගන්නා කෝටා එකකට නොමිලේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා දීම ද,
      ඒ කුලකයට ඇතුලත් නොවන, නමුත් උසස්පෙළ සමත් යම් කෝටා එකකට සහන මිලට රජයේ විශ්වවිද්‍යාල වලම අධ්‍යාපනය ලබා ගැනීමට ඉඩ සලසා දීම ද,
      අනිත් පිරිසට උසස් අධ්‍යාපනය ලැබීමට නිසි ප්‍රමිතියෙන් යුත් පෞද්ගලික විශ්වවිද්‍යාල පද්ධතියක් ස්ථාපිත කිරීම ද

      මගේ නිර්ණායක වලට අනුව ඉතා වැදගත්ය.
      එකම කාල පරිඡ්චේදයක් තුල රාජ්‍ය විශ්වවිද්‍යාලයකත්, පෞද්ගලික උපාධි ආයතනයකත් සමෝසමේ අධ්‍යාපනය ලැබූ මට වැටහෙන තරමටනම් එයින් සිදුවන්නේ රටේ උසස් අධ්‍යාපනය නගා සිටුවීමය.

      :)

      Delete
  15. සම්පුර්නයෙන්ම එකඟයි.

    ReplyDelete
  16. මම නම් කිසි විටක මහින්ද වෙනුවෙන් පෙනි සිට නැත.2005 මගේ ප්‍රථම ජන්දය මම දුන්නේ රනිල්ට,2010 SF ට,මේ වතාවේ මෛත්‍රීට.යුද්දෙට අකමැති මට මහින්ද වෙනුවෙන් පෙනි ඉන්න අවශ්‍යතවක් තිබුනේ නැහැ.මොකද මහින්ද මහත්තයා යුද්දේ කියන විෂය හැර අනෙක් ඒවා අසමත් නිසා.නමුත් මම පුද්ගලිකව යුද්දෙට අකමැති වුනත් යුද්දේ ඉවර කරලා රටේ කිසියම් සාමකාමී පරිසරයක් ඇති කිරීම ගැන මගේ හිතේ ඔහුට කිසියම් ගරුත්වයක් තියෙනවා.නමුත් ඒ වෙනුවෙන් ඔහුට ජන්දේ දෙන්න ඕනේ කියන තැන මම හිටියේ නැහැ,ඉන්නෙත් නැහැ.

    මමත් යශෝ වගේ තෝරා ගත්තේ මට පෙනෙන විදියට නරක අඩු පැත්ත.

    ReplyDelete
    Replies
    1. ඔව් මනෝ අපි තෝරාගත යුත්තේ නරක අඩු පැත්ත. දැන් ඉන්න පැත්තේ නරක වැඩි වෙනවනම් ආයෙමත් නරක අඩු පැත්ත තෝරාගන්න අපි කොහෙත්ම මැලි විය යුතු නැහැ. :)

      Delete
  17. අන්තිමට ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ උනේ නැත්තම් ඒ ඇති

    ReplyDelete
    Replies
    1. ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ වේවා යැයිද, රට පුරා නැවත බෝම්බ පිපිරේවා යැයි ද ප්‍රාර්ථනා විසුරවන සම'හරක්' ජනතාව අතරේ "එහෙම නොවේවා/ එහෙම නොවෙනවා නම් හොඳයි" කියන ඔබේ කමෙන්ටුව මම බොහොමත්ම අගය කරමි!

      Delete
  18. මහින්ද මහත්තයා යුද්දේ ඉවර කලා.එහෙමයි කියලා හැමදාම රට කන්න දෙන්නත් බෑ.කවුරු මොනවා කිවුවත් යුද්දේ ඉවර කරපු නායකයා විදියට රටේ මාත් ඇතුලුව 99% ජනතාව මම හිතන්නේ මහින්ද මහත්තයට ගරු කරනවා.ඒත් එයාට වැරදුනේ ඇමතිවරුන්ට රට කන්න දුන්න හින්දා.ඔය ජරා ඇමති මන්ඩලේට රට කන්න දුන්නේ නැත්තම් තාමත් ජනාදිපති එයා.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. ජනතාවට සවන් දෙන්නෙ නැතුව වන්දිභට්ටයන්වයි නැකැත් කාරයන්වයි අදහන්න ගත්තම ඔය දේ වෙනවා. මෛත්‍රී එහෙම හැසිරෙන්න ගියෝතින් එයාට වෙන්නෙත් මේ ටිකම තමයි.

      Delete
  19. අනුර කුමාර දිසානායක මහත්තයා කිවුවා වගේ සැබෑ සටන පටන් ගන්නේ ඡන්දයෙන් පස්සේ.. අපි බලාගෙන ඉමු..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. පුරවැසි මාධ්‍යකරණයේ බලය හොඳින්ම දන්න මෛත්‍රී වැඩ වරද්දගන්න එකක් නෑ කියන එක තමයි අපේ බලාපොරොත්තුව.

      Delete
  20. මෛත්‍රීට බැරිවෙයං

    යුද්දෙ වරෙං

    බෝම්බ පිපිරියං

    හවුල කැඩියං

    රට අරාජික වෙයං

    කියල හිතන උන්ගෙ

    %@$ට @@&-#%යං !!!!!!!

    පලයව් සීනිගම… ගිහිං ගහපියව් ගල් !!!!

    හුටා ……නෑ නෑ වැරදුනා

    " පොල් " !!!!!!!

    ReplyDelete
    Replies
    1. ඒක තමා පත්තරේ. දැන් සමහර මෝඩයන්ට ඕනෙ කරල තියෙන එකම දේ රට අරාජික වීම.

      Delete
  21. සාධාරණ මාධ්‍ය කලාවක් තුලදී විමසුම පිටපත ලියන්න බස්සී ඉතා සුදුසුයි.
    අවඥාවට කිව්වා නෙවෙයි. මට දැණුනේ මාධ්‍යවේදියෙකුගේ ලිවිල්ලක්. ඒකයි....

    ReplyDelete
    Replies
    1. බුදු අම්මෝ! විමසුම cursed job එකක්. දැක්කනෙ මහින්ද අබේසුන්දරට වෙච්ච දේ.
      තැන්කූ රන්දුවෝ!

      Delete
  22. කියෙව්වා ඈ??! මුල ඉඳං කියවන්ටෝනි සේරම! :)

    ReplyDelete
  23. ලංකාවෙන් පිටත ඉන්න අපි ගොඩාක් අවදියෙන් මේ ගැන...මයි3 මහතාගේ මාධ්‍ය කණ්ඩායමෙන් උණු උණු පුවත් මටත් ඉක්මනින් ලැබෙනවා...දින 100 වැඩපිළිවෙල සාර්ථක කරගන්නට ලැබුනොත් අලුත් රටක් වගේම අලුත් දේශපාලන සංස්කෘතියකුත් අපිට ඇති කරගන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත සිරා අයියේ. මොනවා වුනත් අලුත් ආණ්ඩුව ගැන නිරතුරුවම අවදියෙන් ඉන්න ඕනෙ. කොහොමත් දැන් පුරවැසියන්ගේ බලය ගැන ගොඩක් අයට තේරිලා තියෙන්නෙ.

      Delete
  24. බස්සි,
    පෝස්ට් එකේ අන්තර්ගතය හා එකඟ වෙමි. නමුත් සියල්ලටම නොවේ.

    /// අධිවේගී මාර්ග හැදීම හොඳය. නමුත් ඇස්තමේන්තුගත මුදලින් සියයට දෙදහසක්ම කොමිස් ගැසීම බොහොම නරකය.///

    “කමිෂන් ගහන එකට විරුද්ධය” කියල විතරක් ලිව්වනම් ඔබ ඒ සම්බන්ධව නොදන්නාකම හෝ හරිහැටි සොයා නොබැලු බව වහගෙන කතාව කියන්න පුළුවන් කම තිබුනා.
    නමුත් මේ වගේ දේවල් ලිව්වම ලිපියේ අගයත් නැති වෙනවා. මේ සම්බන්ධව හරියට නොදන්න අය ඇවිත් හුරේ දාල යයි. මේ ප්‍රතිශත කතා බුකියට හරි උනාට ඇත්තට ගොඩක් දුර දෙයක්.

    මුලින්ම 2,000% කමිෂන් එකක් ගහන්න ප්‍රායෝගිකව පුළුවන්ද කියල හිතන්න. ඊට පස්සේ කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එක ගැනත් පොඩ්ඩක් හොයල බලන්න.
    ඒ වගේම මෙන්න මේ වගේ ලිපි එහෙමත් කියවල බලන්න.
    http://www.ft.lk/2013/10/25/colombo-katunayake-expressway-from-rs-5-5-billion-to-rs-50-billion/

    උදාහරණ විදිහට මේකත් බලන්න.
    2013 දී කටුනායක හයිවේ එක හදන්න ගිය වියදම වන රුපියල් මිලියන 45,000 යි. 2,000% කමිෂන් එක ඉවත් කලාම ඉතිරිවන මුදල රුපියල් මිලියන 21.5 යි.
    ඒ ගාණෙන් මේ වගේ පාරක් හදන්න පුළුවන්ද...

    ReplyDelete