Thursday, March 17, 2016

විඩාපත් සිරුරු ගලවාගන්න




මෙගා ටෙලි පිපාසාවෙන් පෙලෙන
සෝෆාවෙ ලෙදර උණුවී ඇලෙන
සල්ලාප පෙට්ටියක එම්බාම් වී හොවන
විඩාපත් සිරුරු ගලවාගන්න


ඉටිපහන් එළිය මැද 
සුප් බඳුනකට කැරට් හදවත් කපන
අහඹු චුම්භන කොපුලතක අලවන
පෙම්භරිත සැඳෑවක් 
පෑල දොර විවරකර ගෙට ගන්න


බැල්කනියෙ කෙලවරක තුරුලුව
තරුවලින් වෑස්සෙන ඇත්තටම ඇත්ත එළි
තරු දෙනෙතකින් උර උරා බොන්න
තුංග මැදුරක හිසක – ඇස්බැස්ටෝස් කෙසක
දැවටි දැවටී පැමිණි හුළඟක් සිපගන්න


කණමැදිරි රෑ බදුළු එළියෙන්
අතීතෙක ශේෂ පැල්ලම් සුඹුළු දැකගන්න
ස්මාර්ට් එළි සැණෙලි මගහැර
මාවුලාවක හිස ඔබා නෙත් පියවන්න
මා ඔබේ උරබාහු මැද්දේ සඟවන්න


වෙහෙස වන්නා වූද,
බර උසුලනා වූද
සියල්ලන්ටම සහනයක් දෙන්න
අප කෙරෙහි අනුකම්පාව වගුරුවා
අදත් තෙකලාව අත්හිටුවන්න




35 comments:

  1. පවර්කට් නිර්මාන....අගෙයි...රසයි...
    රොමෑන්තිකයි....!!!!

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ චෙෆාකි!

      Delete
  2. ලස්සන පබදුමක්.

    ReplyDelete
  3. අවාසනාවට ඇත්ත කතාවක්. දවසේ එකිනෙකා එක්ක ගත කරන්න ඉතුරු වෙන සුළු කාලයක් අපි ගත කරන්නේ මොකක් හරි ස්ක්‍රීන් එකක් දිහා බලාගෙන. හොඳ නිර්මාණයක්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ජේමිස් බණ්ඩා!

      Delete
  4. Every dark cloud has a silver line. . You picked it in the most romantic way. :)

    ReplyDelete
  5. තෙකලා නවත්තලා සිංගල් ෆේස් විතරක් දෙයි!

    ReplyDelete
  6. මේක නම් බොක්කටම වදිනවා.... කාලිනයි.. සුපිරියි... වල්ලා පට්ටයි....

    බස්සිට හිතෙන්නේ නැද්ද හැමදාම ඔය වෙලාවට පවර් කට් තියේනම් හොඳයි කියලා....

    ReplyDelete
    Replies
    1. සිරාවටම මාතලන්. මිනිස්සු තම තමන්ගෙ පුංචි වර්චුවල් ලෝකවල හිරවෙලා ඉන්න තරම දැක්කම, හැමදාම පැයක් දෙකක් කරන්ට් කපනවනම් කොච්චර හොඳද කියල හිතෙනවා.

      Delete
  7. බකුසන්ටත් පෙම් බස් දොඩන්නට
    පවර් කට් වී ම යා යුතු
    හිහි

    මරු හොදේ....

    ReplyDelete
    Replies
    1. ඇයි බකුස්සන්ට ඉස්මාර්ට් වෙන්න බෑ කියලද හිතුවෙ? :P

      Delete
  8. අදත් තෙකලාව අත් හිටුවන්න
    බස්සිට ලස්සන කවියක් ලියන්න

    ReplyDelete
    Replies
    1. තාම අත්හිටුවනවා. ඇස්වහක් කටවහක් නෑ!

      Delete
  9. සිරාවටම! මං මේ ළඟදි දැක්ක අපි පුංචි කාලෙ දැකපු රෑ අහස. ඒ කාලෙ පාරට බැස්සම ඇ‍ෙඟේ හැපෙන තරම් උන්න කණාමැදිරි රැළ නං හිටියෙ නෑ. උං දෙන්නෙක්, තුං දෙනෙක් විතර පෝ කරටි අස්සෙ උන්න දැක්ක.

    ඇයි ඊයෙ රෑ මං දැක්ක අටවක දා හඳ එළිය...

    පවර්කට් සදා දිනේවා!!!

    ReplyDelete
    Replies
    1. කණාමැදිරියො යාන්තමට එකෙක් දෙන්නෙක් හරි ඉන්නව. රෑ බදුල්ලෙක් දකින්නෙ හෙන කලාතුරකින්. උන් වඳවෙලාම යයිද මන්දා ඩ්‍රැකියෝ.

      'ඩ්‍රැකී' කිව්වම ඉතින් අනිවාර්යයෙන්ම කළුවරට කැමති කෙනෙක් වෙන්නම එපෑ.

      Delete
  10. විදුලිය නොමැති තැන හදවතේ ජෙනිය ඇහැරී හැඟීම් වයර ඔස්සේ සබඳතා එළි දල්වයි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. පැපෝටත් ජයවේවා! සෙනසුරාදට ජෝඩුවම පැමිණේවා!!

      Delete
  11. වෙඩින් එකක් කියන්න එපා. මේ ටිකේ එක්සෑම්.

    ReplyDelete
  12. අපිට කොයින්දා මාළු හ්ම්ම්ම්ම් අපි යනවය මූදු අනගියි බස්සි නිමැවුම

    ReplyDelete
    Replies
    1. මූදු යන්න ලයිට් ඕනෙයැ :D

      Delete
  13. උඹත් මෙගා එකක් බලන්න බැරි උන සෝකෙන් නේද මේක ලිවුවේ?

    ReplyDelete
    Replies
    1. ආපෝ උඹ කවිය කියෝලා නෑ :P

      Delete
  14. අනේ මන්ද... මම විතරයිද මෙතන අමුතු එකා කියල... පවර් කට එක හින්දා අපහසුතාවයට පත්වෙනාවය කියන්නේ පචද එහෙනම්.. අනේ දෙය්යනේ මම නම් පවර් කට එක එන්ජෝය් කරන්නේ නම් නැත! මගේ අන්දොස් ගතියට මක් කොරන්නද....

    හේතුව කියනවා නම් පවර් කට් එක වෙලාවට මට වගේම අනිත් එවුන්ටත් ආලෝකය නැති හින්දා කිසිම ගතියක් දැනෙන්නේ නැත. ඔන්න අනිත් උන්ට තියෙද්දී මට විතරක් ලයිට් ගියොත් හරි, මට තියෙද්දී අනිත් උන්ට ලයිට් කැපුවොත් හරි තමයි මගේ ෆන් එක ආරම්භ වෙන්නේ..... ඔයාට කියන්න බස්සියෝ... එකෝ ඔන්නැහැ.... ආයේ මොකටද ඉතින්

    ReplyDelete
    Replies
    1. මේ ඒ විදියනන් මාර ෆන් ...එහා ගෙදර ඕප දුප ඇන්ටිගේ කරන්ට් නැති එක තමා මට තියන ලොකුම ෆන් එක..

      Delete
    2. උඹේ අවුලක් නෙමෙයි. මම බස්සිනෙ. බස්සො කොහොමත් කළුවරට කැමති ජාතිය.

      Delete
  15. තෙකලා නැති වෙලේ
    බස්සි පැමිනිල...

    ReplyDelete
    Replies
    1. අනිවා! තෙකලා ආවත් කමෙන්ට් වලට රිප්ලයි කොටන්න විරාමයක් ලැබුනෙ දැනුයි අනේ.

      Delete